කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ
Related Articles
අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ගෘහස්ථ මට්ටමින් කිසිසේත් විදුලි බිල වැඩි කරන්නේ නැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වර්තමාන විදුලි බල ක්ෂේත්රය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරි වසර 2 ක තුළ විදුලි ගාස්තු අඩු කිරීමට උත්සාහ ගන්නා බවයි.