fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් මට්ටමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩාංගණ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 17:21

පළාත් මට්ටමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ  ක්‍රීඩාංගණ

පළාත් මට්ටමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩා පිටි ඇති කිරීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මයි ඩැඩ් මයි සුපර් ස්ටාර් ක්‍රිකට් තරගාවලියේ සමාප්ති උළෙලට එක්වෙමින්.

මොරටුව සොයිසා ක්‍රීඩා පිටියේ පැවති මයි ඩැඩ් මයි සුපර් ස්ටාර් ක්‍රිකට් තරගාවලියේ චැලෙන්ජර්ස් ඩැඩ් කුසලානය දිනා ගැනීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නායකත්වය ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්වුණා. චැම්පියන් ඩැඩ් කුසලානය දිනා ගත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය කන්ඩායමයි. තරගාවලියේ ජය සංකේත ප්‍රධානය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතින් සිදු කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 17:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්