fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාව ඇපයට තබා වර්ජන කිරීම සාධාරණ නෑ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:16

ජනතාව ඇපයට තබා වර්ජන කිරීම සාධාරණ නෑ

ජනතා බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලබාගත් පිරිස් ජනතාව ඇපයට තබමින් වර්ජන කිරීම සාධාරණ නැති බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුර කලවාන ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

රත්නපුර කලවාන රෝහලේ නව සිව් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 545ක්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියාසිටියේ ග්‍රාමීය රෝහල් සංවර්ධනය වෙනුවෙන් ද රජය පියවර රැසක් ගෙන ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්