යේමනයේ කාන්තා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
යේමනයේ සනා අගනුවර ස්වාන් දිස්ත්‍රික්කයේයි මෙම පාසල පිහිටා තිබෙන්නේ. මිසයිල ප්‍රහාර 03 ක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් 87 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මිය ගිය පුද්ගලයින් අතර පාසල් ළමුන් වැඩි පිරිසක් සිටින බව සදහන්. නිවාසවලටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. සිද්ධියෙන් කම්පනයට පත් ශිෂ්‍යාවන් රෝහල් ගත කිරීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු කළා.