කොළරා වංසගතය පැතිර යාම හේතුවෙන් යේමනයේ පුද්ගලයින් 327 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
කොළරා වසංගතය හේතුවෙන් යේමනයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. පුද්ගලයින් එක්ලක්ෂ හැට දහසකට අධික පිරිසකට රෝගය වැළදී ඇති බව සදහන්. පසුගිය සති කිහිපය තුළ යේමනයට බලපෑ අධික උෂ්ණත්වයද මෙයට බලපා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය ද ඇතිව මේ වන විට යේමනයේ වසංගත රෝග සදහා හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 29 ක්ද පිහිටුවා තිබෙනවා.