ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට ඇමරිකා සම්බාධක ගැටලුවක්වී ඇති බව ඉරාන රජය ප්‍රකාශ කළා.
විදෙස් මූල්‍යාධාර ලබාගැනීමට ද එය බාධාවක්වී ඇති බවයි ඉරාන රතු කුරුස සංවිධානයට පෙන්වාදී තිබෙන්නේ. ජල ගැල්මෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ මියගියා. සති කිහිපයක් පුරා පවතින අධික වැසි හේතුවෙන් ඉරානයේ ප්‍රාන්ත විසි හතරකටම දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. නිවාස විසි පන්දහසක් පමණ විනාශවී ඇති බවයි වාර්තා වන්නේ.