fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:42

ප්‍රවීන සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වුණා.

පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගී තනු නිර්මානය කර ඇති එච්.එම් ජයවර්ධනයන් අතින් බිහිවූ ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්න වනවා. ඒ මහතා කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා. නැසීගිය ප්‍රවීන ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂයා වන එච්.එම්. ජයවර්ධන  මහතා ජනප්‍රිය ගායක කසුන් කල්හාර ජයවර්ධන මහතාගේ පියානන්ද වනවා. ප්‍රවීන සංගීතඥ  අභාවප්‍රාප්ත එච්.එම් ජයවර්ධන මහතාගේ දේහය  පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශය තුළින් බලාපොරොත්තු වන්න.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්