fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේගේ අදාහන පූජෝත්සවය හෙට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:16

මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේගේ අදාහන පූජෝත්සවය හෙට

අපවත් වී වදාළ හේනවත්ත ශ්‍රී ගුණරතනාරාමාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජ්‍ය මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේගේ අදාහන පූජෝත්සවය හෙට පස්වරු  දෙකට මීගොඩ මහාවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

1965 වසරේ ජනවාරි 26 වනදා පැවිදි දිවියට2 පිවිසි උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මහගු සේවයක් ඉටු කිරීමට සමත් වුණා. සිංහල ඉංග්‍රීසි දමිළ පාලි හා සංස්කෘත මෙන්ම හිංදි භාෂාව ආදී භාෂා රැසක් ප්‍රගුන කර සිටි පූජ්‍ය මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේ බෞද්ධ ග්‍රන්ථ රාශියක්ද රචනා කර තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 65 වන වියෙහි පසු වුණා. ගිහිපැවිදි විශාල පිරිසකට තම දැනුම බෙදාදුන් ස්වාමීන්වහන්සේ නමක් ලෙස පූජ්‍ය මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේ ප්‍රකටයි. උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසී  ජනතාව ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්