fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවරට කරපු එකම දේ තමයි මාලිගාව වටේට රේස් පැදපු එක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:14

මහනුවරට කරපු එකම දේ තමයි මාලිගාව වටේට රේස් පැදපු එක

පසුගිය කිසිදු රජයක් සිදුනොකළ දැවැන්ත ව්‍යාපෘති රැසක් මහනුවර නගරය තුළ සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මහනුවර නගරයේ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එම අවස්ථාවට සහභාගී වුණා.

ජනතාවගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමේ ජංගම සේවාවක් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවත්වුණා. අනතුරුව බෝගම්බර තාවකාලික බස් පර්යන්තය  විවෘත කිරීම සිදු කෙරුණා . ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 1950 ක්. කසල එකතු කිරීමේ යන්ත්‍ර මහනුවර මහනගර සභාවට ලබා දීම සිදුකෙරුණේ  අමාත්‍යවරුන් අතින්. මහනුවර ප්‍රදේශයේද  බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක්  ඉදි කෙරෙනවා. එහි ඉදිකිරීම්ද ආරම්භ කෙරුණු අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්.  රුපියල් ලක්ෂ  172 ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ ජොර්ජ් ඊ ද සිල්වා උද්‍යානය විවෘත කිරිම ද ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්