fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 08:36

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට තියුණු ජයක්

මාතර රාහුල විද්‍යාලයීය කණ්ඩායම  සමග පැවති සිමිත පන්දුවාර වාර්ෂික සුහද ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කණ්ඩායම සමත් වුණා.

කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පන්නිපිටිය විද්‍යාලයීය කන්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු නවයක් දැවි ලකුණු 215ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කළ මාතර රාහුල විද්‍යාලයීය කණ්ඩායමට පන්දුවාර හතලිස් නවයයි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 204ක් පමණයි. මේ අනුව ලකුණු 11ක තියුණු ජයක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම සතු වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 08:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්