පවතින වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තුන් ලක්ෂ විසිඑක් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
පවුල් හැත්තෑ පන්දහස් හාරසිය විසි නවයක සාමාජිකයන් ඊට අයත්. වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නේ උතුරු පළාතටයි. ඩෙල්ෆ්, කයිට්ස්, කරෙයිනගර් ඇතුළු ප්‍රදේශ රැසකට ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කදුකරයේ විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව ද සැළකිය යුතු මට්ටමින් පහළ බැස තිබෙනවා.