fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩපිළිවෙල අද සිට මඩකලපුවේදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 09:48

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩපිළිවෙල අද සිට මඩකලපුවේදී

ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැන්න අද මඩකලපුවේදී ආරම්භ වුණා. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක විවිධ වැඩසටහන් ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙම වැඩසටහන අද ආරම්භ වුණේ මඩකලපුව කල්ලඩි වෙරළ තීරය පවිත්‍ර කිරීමේ කටයුතුවලින්. මීට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.  ග්‍රාමශක්ති   ,මත්ද්‍රව්‍ය නිවාරණ,වෘත්තීය මාර්ගෝපදේශන අපනයන ප්‍රවර්ධන ඉඩම් හා නිවාස ගැටළු විසදීම සහ ණය පහසුකම් ඇතුළු වැඩසටහන් රැසක්ද  ක්‍රියාත්මක කෙරෙනවා. මෙම වැඩසටහන්වලට රාජ්‍ය අමාත්‍ය අල් සහීර් මවුලානා  මහතා සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මීට අමතරව වාකරේ ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණා. ස්මාර්ට ශ්‍රී ලංකා වැඩසටහනක් ක්‍රියාවට නැංවුණේ මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.

මෙම වැඩසටහනේ  සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 12 ව271නදා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්