Youth With Talent අවසන් මහා තරගය PEO TV ඔස්සේ නැරඹීමේදී විකාශයට ඇති වූ බාධා හේතුවෙන් ප්රේක්ෂකයින්ට සිදු වූ අපහසුතාව පිළිබඳ ස්වාධීන රූපවාහිනිය සිය කණගාටුව පළ කරනවා.
Youth With Talent වැඩසටහන සජීවීව PEO TV ඔස්සේ විකාශය වීමේදී බාධා එල්ල වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවත්වීමට ස්වාධීන රූපවාහිනී ඉහළ කළමනාකාරිත්වය විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කමිටුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සමාගම සමඟද සාකච්ඡා සිදු කළා.
ශ්රී ලාංකික ජනතාවගේ වැඩිම අවධානයට ලක් වූ Youth With Talent අවසන් තරගය PEO TV ඔස්සේ නැරඹීමට නොහැකි වීම හේතුවෙන් ලබන 13 වන සෙනසුරාදා රාත්රී 07.00ට ITN ඔස්සේ නැවත වැඩසටහන ප්රචාරය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.