මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජය පාලක පක්ෂය වන මාලදිවයින් ප්රාජාතන්ත්රවාදී පක්ෂයට හිමිවුණා.
මාලදිවයින් ජනාධිපති ඊබ්රහිම් මොහොමඩ් නියෝජනය කරන මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ නායකත්වයෙන් ක්රියාත්මකයි. මෙවර ඡන්දය ප්රකාශ කිරීමට පුද්ගලයින් දෙලක්ෂ හැට හතර දහසකට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. පාර්ලිමේන්තුවේ ආසන අසූ හතක් සදහා අපේක්ෂකයින් 386 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වුණා. බලය තහවුරු කර ගැනීමට ආසන අසූහතෙන් හතලිස් හතරක බහුතරය හිමි විය යුතුයි. පාලක පක්ෂය ආසන හැටක බලය තහවුරු කර ගැනීමට සමත්වුණා. එරට පාලක පක්ෂයක් ලබා ගත් විශාලතම බහුතරය වන්නේ ද මෙයයි. එරට ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ ද පක්ෂය වූයේ මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂයයි.