fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසැල් ශිෂ්‍යයෙකුට විනයක් තියෙන්න ඕනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 14:40

පාසැල් ශිෂ්‍යයෙකුට විනයක් තියෙන්න ඕනේ

පාසලේදී විනය ගරුක දරුවාගේ අනාගතය සාර්ථක වන බව කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න  මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කළ ශිෂ්‍යත්ව වැඩසටහනකට එක්වෙමින්.

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ඉවුර ශාඛාව මගින් සංවිධාන කරන ආචාර්ය ශ්‍රී වේලාරත්න ශිෂ්‍යත්ව වැඩසටහන එම විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වුණා. පාසලේ දී විවිධ දක්ෂතා දැක්වු සිසුන් තිස් තුන් දෙනෙකුට මෙලෙස ශිෂ්‍යත්ව ආධාර පිරිනැමුණා. ඒ යටතේ එක් සිසුවෙකුට වාර්ෂිකව  රුපියල් තිස් හයදහසක මුල්‍යාධාර ලබා දීමට කටයුතු කෙරුණා.

මෙම අවස්ථාවට අසුපහ කණ්ඩායමේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්