වියළි කාලගුණයත් සමග වතුකරයේ පැතිර යන වයිරසයක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
වමනය පාචනය සහ උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ සහිතව කුඩා දරැවන් ඇතුලු විශාල පිරිසක් ප්රතිකාර සඳහා බගවන්තලාව රෝහලට පැමිණෙන බවයි අප වාර්තාකරැවන් සඳහන් කරන්නේ. තේවතු ආශ්රිතව ජනතාව පානීය ජලය පිරිපහදු නොකර භාවිතයට ගැනීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවට විශ්වාස කෙරෙනවා. ඒ අනුව ජලය හොදින් උණුකර නිවා පානය කරන ලෙසයි කඳුකර ආශිත ජනතාවට දැනුම් දෙන්නේ.