fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ කහ කබා විරෝධතාකරුවන් නැවතත් විරෝධතා අරඹයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 15:57

ප්‍රංශයේ කහ කබා විරෝධතාකරුවන් නැවතත් විරෝධතා අරඹයි

ප්‍රංශයේ කහ කබා විරෝධතාකරුවන් නැවතත් සිය විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නගරයේ ස්ථාන රැසකට එක්වූ සිය ගණනක විරෝධතාකරුවන් ප්‍රංශ රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවුණා. පෙළපාලි යමින් සටන් පාඨ කියමින් ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශය පුරා ආරක්‍ෂාව තර කිරීමට පියවර ගැනුණා. ප්‍රංශයට සාමාජීය සහ ආර්ථික සාධාරණත්වයක් ඉල්ලා ප්‍රංශ ජනාධිපතිවරයා ඉවත් කළ යුතු බවටයි ඔවුන් අවධාරණය කරන්නේ. පසුගිය නොවැම්බර් දාහත් වනදා ද ජනතාව විරෝධතාවලට එක්වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්