බ්රසීලයේ මෝජු ගංගාව හරහා ඉදි කළ පාලමේ කොටසක් කඩා වැටී තිබෙනවා.
ගංගාව හරහා ඉදිකළ පාලම හරහා බෝට්ටුවක් ගමන් කිරීමට යාමේදී එය පාලමේ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් පාලමේ මීටර් 200ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් පුද්ගල හානි කිසිවක් සිදුව නැහැ. එම පාලම මීටර් 860ක දිගින් යුතු වාහන ගමනාගමන කටයුතු සදහා යෙදා ගැනෙන්නක්.