fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර කණ්ඩායම සමග පැවති තරගයෙන් කොළඹ කණ්ඩායමට තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:48

මහනුවර කණ්ඩායම සමග පැවති තරගයෙන් කොළඹ කණ්ඩායමට තියුණු ජයක්

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම  සමග පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 03ක තියුණු ජයක් කොළඹ කණ්ඩායමට හිමි වුණා.

කොළඹ කණ්ඩායම සහ මහනුවර කන්ඩායම අතර පල්ලේකැලේ ක්‍රිඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදීමට දිනෙෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කන්ඩායම තීරණය කළා. ඔවුන් පන්දුවාර පනහ අවසානයේදී කඩුලු 06ක් දැවි ලකුණු 289 ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත්  මහනුවර කණ්ඩායම පන්දුවාර තිස්නවයක් අවසානයේදී කඩුලු 05ක් දැවි ලකුණු  205ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කිරිමට සිදුවුණා. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායෙන් ලකුණු 03ක ජයක් කොළඹ කණ්ඩායමට හිමි වුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්