fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයක සවස 2.00 න් පසු වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 12:03

පළාත් කිහිපයක සවස 2.00 න් පසු වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහඌව පළාත්වලතැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම තත්ත්වය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (08) දහවල් 12.11 ට ජාඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අම්බන්පෝරුවසහ කොටගොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo