හෙළයේ මහා ගොවි පිළිවෙත හෙවත් 52 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහාබෝ සමිදුන් අභියසදී පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝසමිදුන් පිදීමේ මංගල්‍ය පැවැත්වුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්ගේ අනුශාසකත්වයෙන්. ජය ශ්‍රී මහා බෝසමිදු ලක් දිවට වැඩමකරවීමත් සමග ඇඹුනු බවට සැළකෙන අලුත් සහල් මංගල්‍යය පෙරහැර හෙල චාරිතානු කූලව මගුල්බෙර , හේවිසි හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහලකඩින් ඇතුළු වී ජය ශ්‍රී මහා බෝ සමිදුන් පැදකුණු කළා. වැලිමලුවේ උඩුවියනකින් හා පාවඩින් සරසල ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම ඉන් අනතුරුව ආරම්භ වුණා. ප්‍රථම සහල්මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මැතිඇමතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පාත්‍රය පුරවනු ලැබුවා. එහිදි රටටත් ජාතියටත් සෙත්පැතීමක් ද සිදු කෙරුණා. සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහාබෝසමිදුන් වෙත පූජාකරන මී පැණි බදුන ආදී වාසී නායක වන්නිල ඇත්තන් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් , වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුනේ ඉන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව ඇමතුවා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wCno1yH03uo&feature=youtu.be&fbclid=IwAR3CW1LGibYRGVy17-v0XAQQaALx9X_4eYOFa3oYHITWz8qOQfr-06mNt80″]
මේ අතර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියසදී අලුත්සහල් කිරිආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම , ගල්නෑව , නොච්චියාගම , මීගලෑව , තලාව , මහඉලුප්පල්ලම යන ප්‍රදේශවලට අයත් අක්කර 65000 ක භූමියෙන් නෙලන ලද අස්වැන්නෙන් නැවුම් කොටස මෙලෙස රුවන්වැලි සෑ රදුන්වෙත පූජා කෙරුනා. අස්වනු නෙලා ගත් පසු එහි ප්‍රථම කොටස බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කරනුවේ මීලග කන්නයේ අස්වනු සරු වේවායි යන ප්‍රාර්ථනයෙන්. ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි සෑ රදුන්වෙත කිරිආහාර පූජා කරමින් ආගමික වතාවත්වල නිතර වුණා. රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක්ද සිදු කළා.
මේ අතර අලුත් සහල් මංගල්‍යයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර පූජා භූමි පරිශ්‍රයේ ඉදිරිකිරීමට නියමිත හෙලබොජුන්හල සදහා මුල්ගල් තැබීමද සිදු කළා. අග්‍රාමාත්‍යතුමා මුල්ගල් තැබීම සිදු කළේ මහාසංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේයි. මෙම හෙලබොජුන්හලේ ඉදිකිරීම් කටයුතු සිදු කරනුයේ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්යාශයයි.