තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් Youth with Talent 3rd Generation අවසන් මහා තරගය ඊයේ පැවත්වුණා. ඒ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදීයී. Youth with Talent කිරුළ හිමිකරගත්තේ සහිබුල් යමීන් විසිනුයි.
ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි Youth with Talent රියැලිටිය ඔබට තිලිණ කළේ. වසර 3 ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විශ්මවන්තයින් බවට පත් කරන්නට Youth with Talent රියැලිටියට හැකිවුණා. තරගකරුවන් හැත්තෑ එක්දහස් අටසිය පනස් දෙකක් අතරින් තිදනෙකු ජයග්‍රාහකයින් බවට පත් වුණා.
තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ සහිබුල් යමීන් විසින්. කුඩා පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් රදවා 2012 වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාවකට අභියෝග කිරීමටද සහිබුල්ට ඊයේ හැකි වුණා.
තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේ තරිදු රුමයන්ත වන අතර තෙවන ස්ථානයට ඉරෝමි ජයසිංහ පත් වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර ,ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=BV2hBEsxUSQ&feature=youtu.be&fbclid=IwAR0muePZeLATM54yDqe4f9cQIwEijeeVCNA0IbzTXyuamWo6vh95L3nQdRE”]
Youth with Talent ජායාරූප මෙතනින්