වචනයට පමණක් සිමාවී තිබු සංවර්ධනය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විමට වත්මන් රජයට හැකි වු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර පස්ගොඩ වතුනිවාස 50 ක් ඉදිකිරිම සදහා මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් වතු ආශ්රිත නිවාස දහහතරදහසක් ඉදි කිරිමේ වැඩසටහන යටතේයි මෙම නිවාස සදහා මුල්ගල් තැබුණේ. ඉන්දිය රජයේ මුල්‍යධාර යටතේ මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන පනහක්. අමාත්‍ය පලනි දිගම්බරම්, ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/z-7jTpxbego”]
මේ අතර අවුරුදු එකසිය විස්සක් පැරණි මුලටියන දිද්දෙනියපොත ශ්‍රී මුර්ගාන් කෝවිල නැවත සංවර්ධනය කිරිම සදහා මුල්ගල තැබිම අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පෙරලිය සංවර්ධන යෝජනා ක්‍රමය හරහා හක්මන ආසනයට ලැබුණු රුපියල් ලක්ෂ තුන්දහසක ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ විස්සක් සංවර්ධන කිරිම සදහා යොදවා තිබෙනවා.