උණුසුම් කාලගුණයත් සමග ඉන්ෆ්ලුවෙන්සා – ඒ, චර්ම රෝග මෙන්ම වෛරස් රෝග බෝවීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. අද (06) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි ලැබීමේ තත්ත්වයක් පැවතිය ද අදත්(06) දැඩි උණුසුම් කාලගුණයක් පැවතුණා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් දක්වා ඉහළ ගියා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉර මුදුන්ව පැවතුණා. මේ අනුව අධික රෂ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකියි.
[ot-video type=”youtube” url=”https://youtu.be/RHBgVihsmZA”]
අධික රෂ්මියක් පැවතියද ප්‍රදේශ කිහිපයකට වැසි ලැබී තිබුණා. අද (06) පස්වරුවේ ද ඇතැම් ස්ථානවලට වැසි ලැබෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ygyPcLgUGjU”]
වැසි නොලැබීම හේතුවෙන් විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බසිමින් පවතිනවා. කෙසේ වුවද අලුත් අවුරුද්දෙන් පසුව විදුලිය කැපීමක් සිදුවන්නේ නැති බවයි විදුලිබල මණ්ඩලය අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7WfbDkyHjLE”]
කෙසේ වුවද වියළි කාලගුණයෙන් පීඩාවට පත් සියලු දෙනාට සහන සැලසීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට රජය ක්‍රියාකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/AjrlR5J-PgE”]