ඝෝෂකාරී නාද රටා සහිත රථවාහන සදහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජීත් ජයසුන්දර මහතාට උපදෙස් නිකුත් කළා.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබද උපදෙස් ලබා දී තිබෙනවා.
රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105ට වඩා වැඩි නලා සදහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙසයි රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට මෙහිදී දැනුම් දුන්නේ.
සාකච්ඡාවට එක්වූ සියලු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මෙම නීති ක්‍රියාත්මක කිරීමට එකගත්වය පල කළා.