විදෙස් සංචාරකයන්ගේ පැමිණිම කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව සංචාරක ප්රවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සියයට 4 යි දශම හතකින් ඉහල ගොස් තිබෙනවා.
දෙලක්ෂ හතලිස් හතර දහසකට වැඩි පිරිසක් පැමිණ ඇති බවයි සංචාරක ප්රවර්ධන අධිකාරිය පවසන්නේ. ඉන් වැඩිම පිරිස පැමිණ තිබෙන්නේ ඉන්දියාව, එංගලන්තය , චීනය , ජර්මනිය සහ ප්රංශයෙන්. පසුගිය මාසයේදී ඇමරිකාවෙන් සහ ඔස්ටේරිලියාවෙන් ද දහස් ගණනක් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.