රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබාදෙන්නේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වීරකැටිය, තෙළඹුයාය, උඩවලව, ඇළ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 342 ක ප්‍රතිපාදන යටතේ මෙම පාලම ඉදිකෙරෙනවා. ප්‍රදේශයේ පවුල් 159 කට රුපියල් ලක්ෂ 314 ක් වටිනා විසිරි නිවාස ණය ප්රදානය ද මෙහිදී සිදුකෙරුණා.
ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන 4 කට අවශ්‍ය සුබසාධන උපකරණ බෙදාදීමට ද අමාත්‍යවරයා ක්‍රියා කළා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kEcGrmvCFz8″]