fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුධ හමුදාව ප‍්‍රතිසංස්කරණය කළ කොලොන්ගොල්ල වැව ජනපති අතින් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 16:52

යුධ හමුදාව ප‍්‍රතිසංස්කරණය කළ කොලොන්ගොල්ල වැව ජනපති අතින් ජනතා අයිතියට

වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කළ පදවිය ශ්‍රීපුර කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා. මහා සංඝරත්නයේ සෙත් පරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පත්කළා. ප්‍රදේශයේ ගොවි ජනතාව තමන්ගේ බව භෝග ජනාධිපතිතුමාට ලබාදෙමින් ඒවා හුවමාරුකර ගැනීම ද සිදුකෙරුණා. මත්ස්‍ය පැටවුන් වැවට මුදා හැරීම මෙහිදී සිදුවූ තවත් කාර්යයක්. ආදිවාසී ජනතාව මෙහිදී සිය සම්ප්‍රදායානුකූලව කිරි කොරහ නර්තනය ද ඉදිරිපත් කළා. ඇතැමුන් තම ගැමි ගෙදර වෙත ජනාධිපතිතුමා කැදවාගෙන යමින් කැවිලි වලින් පවා සංග්‍රහ කළා. අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගැමි ගෙදරදී අදහස් හුවමාරුවකට ද එක්වුණා.

මේ අතර සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව අවුරුදු මංගල්‍යයද ක්‍රියාත්මක කළා. යුද හමුදාවේ සංවිධායකත්වයෙනුයි මෙය පැවැත්වුණේ. මැරතන් ධාවන තරගයේ ජයග්‍රාහකයන්ට තිලිණ ප්‍රදානය කළා.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ අනුග්‍රහයෙන් බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ පැවති අතර ජනාධිපතිතුමාද ඊට එක්වුණා. හෙළ සිරිත්වලට මුල්තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එක්කර තිබුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්