ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ තුනේම අර්බුදයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. 48 වන අප්‍රේල් විරුසමරු උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
48 වන අප්‍රේල් විරුසමරු උත්සවය අනුරාධපුරය කුබිචන්කුලමේදී පැවැත්වුණා. සදා සමරමු සොහොයුරෝ යන තේමාවෙන් යුතුවයි මෙවර සැමරුම් උළෙල පැවැත්වුණේ. 1971 අප්‍රේල් කැරැල්ලේ විරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කෙරුණා. මීට සමගාමීව මහනුවර සහ මාතර යන ප්‍රදේශවලදී ද සැමරුම් උත්සව පැවැත්වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/JVP-s.png”]
[ot-video type=”youtube” url=”https://youtu.be/5H0jIkJtCug”]