fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 20කින් ආසියාවේ විශාලතම වෙළෙදපොල ශ්‍රී ලංකාවේ (VIDEO)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 12:04

වසර 20කින් ආසියාවේ විශාලතම වෙළෙදපොල ශ්‍රී ලංකාවේ (VIDEO)

තවත් වසර 20 කින් ශ්‍රී ලංකාව ආසියා වෙළදපලේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කරනවා. ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආසියානු රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා විවිධ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය සහ තිරසර සාමය හා සමෘද්ධිමත් බව සදහා උචිත පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු ඇතිවයි මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙන්නේ.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය හා විදේශකටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කරනවා. මෙමගින් දේශපාලන පක්ෂ විපක්ෂ එකට හමුවන වේදිකාවක් නිර්මාණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්