තහනම් ධීවර දැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. ඒ උලක්කලෙයි කලපු ප්රදේශයේදී.
අඩි 150 ක දිග දැල් 15 ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නැහැ.
තහනම් ධීවර දැල් තොගය වෙරුගල් ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.