fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Youth with Talent අවසන් මහ සටන අද සවස 7ට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 09:06

Youth with Talent අවසන් මහ සටන අද සවස 7ට

තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගය සදහා තරගකරුවන් අට දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. එහි අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ජාතික තරුණ සේවා සභාව සහ අයිටීඑන් එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටිය ඔබට තිලිණ කරන්නේ. වසර 3 ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විස්මවන්තයින් බවට පත් කරන්නට යූත් විත් ටැලන්ට් රියැලිටියට හැකිවුණා. තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගයට තරගකරුවන් අටදෙනෙකු සුදුසුකම් ලබාගෙන සිටිනවා. තරිදු රුමයන්ත, ඉරෝමි ජයසිංහ, සම්පත් සුභසිංහ, සහිබුල් යමීන්, කුෂාන් භාෂිත,  රුවන් චාමර, හැනිබර් ද මැජික් වොරිය හා මොහොමඩ් රියාද් එම වාසනාවන්තයින් අට දෙනායි. යූත් විත් ටැලන්ට් ග්‍රෑන්ඩ්පිනාලේ අද රාත්‍රී 7 සිට සජීවීව අයිටීඑන් ඔස්සේ නැරඹිය හැකියි.  අවසන් මහා තරගය සදහා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය මේ වන විට සුදානම් කෙරෙමින් තිබෙනවා.

රුපියල් කෝටියකට අධික ත්‍යාග  ජයග්‍රාහකයාට පිරිනමන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo