fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 18:14

2019 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මතවුණා.

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) සන්ධ්‍යාවේ පැවැත්වුණා. එහිදී පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 74ක් පමණයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය මෙරට හැත්තෑ තුන්වන අයවැය ලේඛණය වනවා. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය දින හයක් පුරා පැවැත්වුණා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 76ක් පමණයි. මාර්තු 12 වනදා පැවති මෙම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 48කින් එය සම්මත වුණා. අයවැය තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ වූයේ පසුගිය 13වනදායි. එහි අවසන් විවාදය අද(05) පැවති අතර ඉන් අනතුරුවයි ඡන්ද විමසීම පැවැත්වුණේ.

පාර්ලිමේන්තුව මැයි මස 07 වනදා දක්වා කල් තැබෙන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්