කසක්ස්ථානයේ නව ජනාධිපති කශ්යම් ජොමාන් රුසියාවේ සංචාරයකට එක්වුණා. රතු චතුරස්රයකට පැමිණි කසක්ස්ථාන් ජනාධිපතිවරයා විශේෂ හමුදා උත්තමාචාරයකින් පිළිගත් බවයි රුසියා වාර්තා සදහන් කළේ.
ජනාධිපතිවරයා ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ඉදිකර ඇති යුධ ස්මාරකය නැරඹීමට ද එක්ව තිබෙනවා. ඉන් පසුව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ ඔහු සාකච්ඡා කළා.
දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීම සහ වෙළද හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.