fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 11:03

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිලිවෙලක්

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයන් ආරක්ෂා  කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අලුත් අවුරුදු සමයේදී ජනතාව විශේෂ  උනන්දුවකින් කටයුතු කරන බව දැක ගත හැකියි. භාණ්ඩ අලෙවිය හා මිලදී ගැනීමද වෙනදාට වඩා සිදු කෙරෙනවා.  ඒ අතර පාරිභෝගික අයිතීන් කඩවීමේ සිදුවීම්ද වාර්තා වනවා. ඒ බව සැළකිල්ලට ගෙනයි මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව වෙළඳසල් හා හෝටල් පරික්ෂාවට ලක් කිරීම සිදු කෙරෙනවා. උත්සව සමයේදි සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ජනතාවට  ලබාදීම මෙහි අරමුණයි. කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන  වෙළදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු   අධිකාරිය සදහන් කරන්නේ. මේ අතර වෙළඳසල් හා හෝටල් පරික්ෂා කිරීමක් ජා ඇල නගරයේදී සිදු කෙරුණා. කල් ඉකුත් වූ භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසල් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙහිදී කටයුතු කළා. ඉදිරි දින කිහිපයේදීද මෙම සෝදිසි මෙහෙයුම දිවයින පුරා සිදු කිරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කළේ.

කේ.ඒ. අනුර අබේරත්න  – මහජන සෞඛ්‍ය පරික්ෂක,

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්