පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කර ඒ වෙනුවට අට ශ්‍රේණියේ දී විභාගයක් පවත්වා දක්ෂතා අනුව දරුවන් එක් එක් විෂය ක්ෂේත්රවලට තෝරා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ එය තවත් ශිෂ්‍යත්ව විභාගයක් නොවන බවයි.
මහර කඩවත මහාමායා බාලිකා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව එම විද්‍යාලයේ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ අතින්. ඒ වෙනුවෙන් වන සමරු ඵලකය ජනාධිපතිතුමා විවෘත කළා. මෙම ගොඩනැගිල්ල සදහා බස්නාහිර පළාත් සභාවේ මුදල් ප්‍රතිපාදන අනුව වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 440 ක්. අනතුරුව ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතූවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2x4A3Q_efFk&feature=youtu.be&fbclid=IwAR0tpUVDCGu6zd2RSgNFsyhmMqLK6zgOYOA-b8ANieqVmNoX3zt6JYO5jyE”]