ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමින් සිනමා කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ආරම්භ කෙරෙනවා. එහි කටයුතු අද ආරම්භ වන බවයි ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කළේ.
චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ සිනමා කෞතුකාගාරය සහ පුස්තකාලය ආරම්භ කිරීමටයි සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ අදට යෙදෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම ශත සංවත්සර සැමරුම වෙනුවෙන්. සෑම වසරකම අප්‍රේල් 5 වෙනිදා ජාතික සිනමා දිනය ලෙස නම් කිරිමට ද රජය පියවර ගෙන තිබෙනවා.