fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් පරදවා සන්රයිසස් හයිද්‍රාබාද් ජය ගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 09:37

දිල්ලි කැපිටල්ස් පරදවා සන්රයිසස් හයිද්‍රාබාද් ජය ගනී

ඉන්දීය පී‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරඟයෙන් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර විස්සේදී කඩුලු 8 කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 129 ක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 131 ක් ලබාගනිමින් කඩුලු 5 ක ජයග‍්‍රහණයක් වාර්තා කළා.

ඒ අනුව අයිපීඑල් තරඟාවලියේ මෙතෙක් පැවැති තරඟ වලින් හයිද්‍රාබාද් කණ්ඩායම පෙරමුණේ පසුවනවා. කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමයි දෙවන ස්ථානයේ පසුවන්නේ.චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේ රැඳීසිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්