fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංගන ශිල්පී රයන් වැන් රෝයල් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 10:24

රංගන ශිල්පී රයන් වැන් රෝයල් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට

ඩුබාහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රෝයන් වැඩිදුර පරික්ෂණ සදහා වැලිගම පොලිසියට භාර දී තිබෙනවා.

මාකදුරේ මධුෂ් නැමති අපරාධ කල්ලි සාමාජිකයා සමග ඩුබායි හි දී අත්අඩංගුවට ගත් තවත් පස් දෙනෙකු ඊයේ  කටුනායක ගුවන්තොටුපොළට පැමිණියා. එහිදි රංගන ශිල්පි රයන් වැන්රෝයන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැය 18කට අධික කාලයක් ප්‍රශන්කිරිම් සිදු කළා. වැන්රෝයන්ට මාකදුරේ මදුෂ් හදුන්වා දී ඇත්තේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරිම් වලදී හෙළි වී තිබෙනවා.

ඉන් අනතුරුවයි මත්ද්‍රව්‍ය ලග තබා ගැනිමේ චෝදනාවට අදාළ පරික්ෂණ සදහා ඔහු වැලිගම පොලිසිය වෙත භාර කෙරුණේ. ඔහුව  අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. අනෙකුත් සැකකරුවන් සිව්දෙනා තවදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්