අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේ ප්‍රතිඑල දැන් නිකුත් වුණා. ඒ අනුව අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වූ බවයි කථා නායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ.
අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 74 ක් පමණයි.
මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අයවැය ඡන්ද විමසීම අදයි
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරිමට නියමිතයි.
පසුගිය පස්වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි දෙවන වර කියවීමේ විවාදය දින හයක් පුරා පැවැත්වුණා. එහි දෙවන වර කියවීමේ ඡන්ද විමසිම වැඩි ඡන්ද හතලිස් තුනකින් ජය ගැනිමට ආණ්ඩු පක්ෂයට හැකි වුණා. අයවැය පිලිබද කාරක සභා අවස්ථා විවාදයේ වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත්විමෙන් අනතුරුව ඉදිරිපත් වු පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරග ගැනිමට අද නියමිතයි.