fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 2ක් ජයග්‍රහණ වාර්තා කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 16:35

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 2ක් ජයග්‍රහණ වාර්තා කරයි

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 238 ක් ලබාගත්තා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54 ක් හා චාමික කරුණාරත්න ලකුණු 57 ක් ඉණිමට එක්කළා. ජීවන් මෙන්ඩිස් කඩුලු 4 ක් දවාගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ලකුණු 156 කට දඹුල්ල කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියා. සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගත්තා. මේ අනුව ලකුණු 82 ක ජයක් කොළඹ කණ්ඩායමට හිමිවුණා.

මේ අතර මහනුවර කණ්ඩායම සමග පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 255 ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස  මහනුවර කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 99 ක් පමණයි. මේ අනුව ලකුණු 156 ක ජයක් ගාල්ල කණ්ඩායමටහිමිවුණා. ඒ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග කඩුලු 7 ක් දවාගැනීමත් සමගයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 16:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්