fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිය යට චිත්‍රාගාරය දැන් විවෘතයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 15:03

දිය යට චිත්‍රාගාරය දැන් විවෘතයි

දිය යට ඉදිකරණ ලද චිත්‍රාගාරයක් බෙල්ජියමේදී විවෘත කෙරුණා.

බෙල්ජියමේ විල්වර්ඩ් හි ඉදිකර තිබෙන මෙම චිත්‍රාගාරය රගහල් තුනකින් සමන්විතයි.

මෙය ඉදිකර තිබෙන්නේ අඩි 30 ක් ගැඹුරු තටාකයක් තුළයි.

ජලය ආශ්‍රිතව සිදු කෙරෙන රූගත කිරීම සදහා මෙම චිත්‍රාගාරය ඉදිකර ඇති බවයි එහි හිමිකරු විම් මයිකල් සදහන් කරන්නේ.

වේදිකා සකස් කර ඇත්තේ රූගත කිරීම් සදහා වෙනස් කර ගත හැකි ආකාරයටයි.

යන්ත්‍රානුසාරයෙන් මෙම තටාකය තුළ කුණාටු වැනි ඕනෑම අවස්ථාවක් ප්‍රති නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා.

මෙම චිත්‍රාගාරය ඉදිකිරීම සදහා යුරෝ මිලියන එකයි දශම  එකක මුදලක් වැය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්