fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි නොදර්න් පවර් පෞද්ගලික සමාගමට නියෝග

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:57

චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි නොදර්න් පවර් පෞද්ගලික සමාගමට නියෝග

යාපනය චුන්නාකම් තාප විදුලි බලාගාරය ඉදිකිරීමේදී ප්‍රදේශවාසීන්ට සිදු වූ අලාභයට වන්දි වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් ගෙවන ලෙසට එම විදුලි බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් පෞද්ගලික සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්ටීබී දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි නඩුව විභාගයට ගැනුණේ. තීන්දුව ලබා දෙමින් විනිසුරුවරුන් කියා සිටියේ පරිසර දූෂකයා වන්දි ගෙවිය යුතුය යන සිද්ධාන්තය අනුව පරිසර හානියේ වන්දි මුදල නොදර්න් පවර් සමාගම ගෙවිය යුතු බවයි. රුපියල් මිලියන 20 ක අදාළ වන්දි මුදල තාප බලාගාරයේ සිට කිලෝමීටර් 1.5 ක ප්‍රදේශයක ජීවත්වන ජනතාවට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමට නියෝග කළා.  එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙසයි නියෝගයේ සදහන් වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්