fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන්ට ඇප

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:47

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන්ට ඇප

හිිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මහතා ඇපමත මුදාහැරිමට අභියාචනාධිකරණය නියම කළා.

ඒ ශිරාන් ගුණරත්න සහ බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලකින්. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරිමටයි පියවර ගැණුනේ. ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රය ද අධිකරණය භාරයට ගෙන තිබෙනවා.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැණුනු එමිල් රන්ජන් ළමාහේවා මහතා වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්