විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයන්ගේ දරුවන්ට මෙරට පාසල්වල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවන විට විදෙස්ගතව සේවය කරමින් සිටින අතර ඔවුන්ගේ දරුවන් ද එම රටවල අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඔවුන් සිය රැකියාව අවසන්ව යළි පැමිණීමේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලු මතුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉංග්‍රිසි මාධ්‍යයෙන් එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි අරමුණ. විශ්ව විද්‍යාලවලට ඇතුලත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.