උසස් පෙළ දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට අවශ්‍ය ටැබ් පරිගණක ලබාදීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. වැල්ලවත්ත සයිවමංගයියාර් විද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
වැල්ලවත්ත සයිවමංගයියාර් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විෂය මෙන්ම බාහිර කටයුතුවලින් දක්ෂතා දැක් වූ දරුවන්ට මෙහිදී තිලිණ සහ සහතික පත් පිරිනැමුණා. විදුහල්පතිනි අරුන්දනී රාජවිජයම් මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=PYm-uy1YJHs&feature=youtu.be&fbclid=IwAR0CEymEsftPDHrVtkhjHHnvx-FYHiuR89l8kk3kL10UDiGKgQ9ABtkg9Fg”]