fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි සුපර් කින්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් ජයගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 10:37

චෙන්නායි සුපර් කින්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් ජයගනී

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම සමඟ පැවති මූලික අදියරේ තරගයකදී ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට චෙන්නායි කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුනු 170 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැහැ. මේ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 133 ක් පමණයි. ලසිත් මාලිංග කඩුලු 3 ක් හා හර්දික් පාන්ඩ්‍යා කඩුලු 3 ක් දවා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 10:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්