ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
ජායිපූර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට රාජස්ථාන කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි. නායක විරාට් කෝලි ලකුණු 23 කට දැවී ගියා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ රාජස්ථාන් ක්රීඩකයින් කඩුළු 3 ක් පමණක් දැවි ලකුණු 164 ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජයගත්තා.