fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 12:16

ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.

ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකයි පිපිරීම සිදුවුණේ. රසායනද්‍රව්‍ය හුවමාරුකරන නලයක ඇතිවූ ගින්නක් පිපිරීමට හේතුවයි.

එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. පාසල් ද වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්