fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ගේ නඩුව කල්යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 11:02

නාමල්ගේ නඩුව කල්යයි

රුපියල් මිලියන 30 ක මුදලක් අවභාවිත කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.

නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට ඇති බැවින් නඩු විභාගය කල් තැබීමටයි මහාධිකරන විනිසුරුවරයා තීරණය කළේ.  ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 07 වනදාට කල් තැබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහරමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලීසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්